-

නිමල ස්නේහය කෙටිකතාව - Nimala Snehaya Short Story


සිපිය නොහෙළා  මහ සාගරය දෙස බලන් සිටි මගේ මුවට ලං වී ඔහු හඩ අවධි කරන්නට විය.

"ඔයා හිතන්නේ මුහුද  කොච්චර ගැඹුරු ඇති කියලද? " 

"ම්ම්ම්ම්.....මන් හිතන්නෙ අපිට හිතාගන්නවත් බැරි තරම් මුහුද ගොඩක් ගැඹුරුයි. ඒත් මන් දන්නවා ඔයාගෙ ආදරේ තරම් ඒක ගැඹුරු නෑ කියල. "

"ඇයි එහෙම කියන්නේ "

" නිකම්... ඒ මට හිතෙන විදිය "

"ඉතින් මොනවද  මේ මුහුද දිහා බලන් ඔච්චරටම කල්පනා කරන්නේ " 

"මන් හරිද කියල "

" ඔයාට හිතෙනවනම් ඔයා හරි නෑ කියල ඔයාට පුලුවන් ආපහු හැරෙන්න."

"අද මන් ආවෙ ආයෙ හැරෙන්න නෙවෙයි .ඔයා ගැන ලොකු විශ්වාසයකින් මැරෙනකම්ම ඔයා එක්ක ජීවත් වෙන්න "

අදටත් මතකයි හැමදේම අතහැර ඔහු ලගටම ආ ඒ අතීතය .මුළු ලෝකයක් විරුද්ධ වෙද්දිත් මා අත් නොහල ප්‍රේමය ඔහුයි.ඔහු අත් නොහල ප්‍රේමය මා යි.එදා සිට අද දක්වාම මා වෙනුවෙන් පෙනී සිටියේ ඔහු පමණි.ඒ නිර්මල ආදරයේ උරුමකරු මා පමණි .

සිව් වසරක් පුරා රැදි ප්‍රේමයක්.අහඹු හමුවීමක්.ලද බොලද ගැහැනු හිතකට පෙම් බැදි අව්‍යාජ පිරිමි හදවතක් ....
 
කිසිදා මතකයෙන් බැහැර නොවන ඒ හමුවීම අදටත් සිහිනයකි .

***************

"අර පිරිමි ලමයා මේක ඔයාට දෙන්න කීවා "

දුම්රිය නැවතුම්පලේදී නාදුනන කුඩා ගැහැනු ලමයෙකු මා අත තැබි ඒ පුංචි කොල කැබැල්ල අදටත් මා සන්තකයේය...නොදැනුවත්වම මා සමීප වූ ආත්මීය ප්‍රේමවන්තයා ඔහුය.එක හිතකට පුලුවන්ද පලමු හමුවෙන්ම සිතක් පැහැර ගන්න.සත්ත්කින්ම ඔව්ව්.....

දිනෙන් දින ඔහුත් මාත් ආත්මයෙන්ම පෙම් බැදි සංසාරික ප්‍රේමවන්තයන් විය..ඇත්තෙන්ම අතීතය සිහිනයකි....එක්තරා මිහිරි මතකයකි.රිදෙන නොරිදෙන එක් වසත් සමයකි...

*****************


"මොනවද ලමයෝ කල්පනා කරන්නේ "

එක්වරම මා තිගැස්සී ගියේ ඔහුගේ හඩ ඇසීමත් සමගය.ඔහු අදත් ඔහු මා ලගමය.

"මම ඔයා ලගට ආපු දවස මතක් වුණා "

"ඉතින් මොනවද ඔච්චර හිතන්නෙ "

"මට ගොඩක් දේවල් හිතෙනවා "

"ගෙදරින් එපා කියද්දි මා එක්ක ආපු එක ගැනද " 

"ඔව්ව්ව්..."

"ඔයා දැන් ඒ තීරණය ගැන  පසුතැවෙනවද ?"

"නැහැ.., ඒ තමයි මන් ගත්තු හොදම තීරණය "

අදටත් මා ලද ආදරණීය පිරිමියා ඔහුයි.නොවෙනස් නිමල ප්‍රේමයක සදාකාලික හිමිකාරිය මා පමණි .ඔහුගේ නිලංකාර දෑස් දෙස මා මොහොතක් බලා සිටියෙමි.අදටත් ඔහුගෙන් දිස් වන්නේ එදා දුටු ආදරණීය පිරිමි රුවමය.

"මන් ඔයාට හරි ආදරෙයී ලමයෝ "

ඉතින් හිතවත ගෙවා දැමූ මිහිරි මතකයන් සමග තවත් ඉදිරියට ඔබ සමග රැදෙන්නට මා තව තවත් ආස කරමි.....

ප්‍රේමය විටෙක මිහිරි වේදනාවක් .එක් ප්‍රේමණීය හමුවීමක් ඔබව තව තවත් ජීවත් කරාවි.සමහර තීරණ හරි අසීරුයි .රිදුම් දෙනවා.නමුත් කාලය විසින් දිනක ඔබ සුවපත් කරාවි.ඔබව ජීවත් කරාවි.අසීරුම කාල පසු කරන්න.වසන්තය නොබෝ දිනකින් ඔබ සොයා එනු ඇත.

Voice - Lalani Rathnamali
Writer - Wasana Edhirisingha
Composer - Tilantha hansanath

මෙහි සම්පුර්ණ අයිතිය Lion FM සතු වන අතර උපුටාගැනීම් සපුරා තහනම්
All rights reserved to Lion FM and copying is strictly prohibited

ඔබත් කෙටි කතා ලියන කෙනෙක් ඔයාගේ කෙටිකතාව දැම්ම අපට එවන්න +94789702281 හි WhatsApp හරහා අපව සම්බන්ධ කර ගන්න හෝ වැඩි විස්තර දැනගැනීම සඳහා lionfmmail@gmail.com වෙත විද්‍යුත් තැපැල් කරන්න.  


Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.