-

ගිලිහුණු තටු කෙටිකතාව - Gilihunu Thatu Short Story

 
ස්සනම දවස් එන්නෙ ඉස්සරහට.වසන්තයට තව ගොඩක්  කල් තියෙනවා.

"ඉතින් තව පුංචි කාලයක් ඉවසන්න ලමයෝ ..."

කාටවත් නෙවේ .මන් මටම කොදුර ගත්තා .
මිනිස්සු බයම ඇත්තට මුහුණ දෙන්න.අපි හැමදාම හැදුවෙ යතාර්ථයෙන් ඈත් වෙන්න.

"මමත් එහෙමද...? "

මන් මගෙන්ම ඇහුවා..

"ඇයි මන් ඇත්තට බය"

නෑ මන් ඇත්තට බය නෑ .මට ඕනි ඇත්තට මුහුණ දෙන්න.ඒත් ඇත්ත මට හරි බරයි.මන් ආස නෑ වේදනාවට.මන් ආස නෑ මට රිද්දගන්න.මට ඕනි මාවම විදින්න.සතුටින් ඉගිලෙන්න.මගේ ලෝකෙ ජීවත් වෙන්න.ඉතින් ඇයි මන් පරක්කු.

"මන් මාවම අත ඇරලද? "

මට ඕනිඋනේ මටම බැනගන්න.ආයෙත් මන් මගෙන්ම ඇහුවා.

" ඇත්තටම මන් මාව අත ඇරලද "

"ඇයි මන් මාව අත ඇරියෙ, කොතනදිද මට මාව මග ඇරුනෙ "

මන් පිලිගන්නවා මගෙයි වැරැද්ද.හිත් එක්ක හරි පරිස්සමට ගනුදෙනු කරන්න ඕනෙ කියල මන් දැනන් හිටිය.ඒත් මට ඒක මතක නැති උනා.නොහිතපු විදියට මගෙ හිත ගොළු වුණා .ඒකද දෛවය .සමහරවිට නොහිතපු නොපතපු මගෙ දෛවය ඒක වෙන්න ඇති...

"ඉතින් පුංචි ලමයෝ ඔයාට මේ ගමන මහන්සි නැද්ද ? "

ඇත්තටම මහන්සි මට.හිතාගන්න බැරි තරම්ම මට මහන්සි.බැදීම් වලට පණ දීලා, බැදීම් අස්සෙ ජීවිතේ හොයල මට ගොඩක් මහන්සි.

මට ඕනි මන් වෙන්න.ඉස්සර මාවම ආයෙත් පාරක් හම්බෙන්න.මාවම බදාගන්න.ගිලිහුණු ජීවිතේ ආයෙම මගෙ ලගට ගන්න.

" ඉතින් ලමයෝ අපි තව ටිකක් ඉවසමු "

ඔව් මට පුලුවන් තව ටිකක් ඉවසන්න.ලස්සනම කාර්තුවක් වෙනුවෙන් තව කාලයක් බලන් ඉන්න .ලස්සනම බැදීමක් වෙනුවෙන් ලස්සනම කාලයක් වෙනුවෙන් තව තවත් මග බලන් ඉන්න.

" ඔයාට විශ්වාසයිද එතනදි ඔයාට ඔයාව ආයෙත් හම්බෙයි කියල "

"ඔව්ව් අනිවාරෙන්ම ..."

ලස්සනම දවස් එන්න ටික කාලයක් යනවා.ඉතින් පුංචි ලමයො ඔයාට තියෙන්නෙ මග බලන් ඉන්න.ඔයාගෙ ජීවිතේ ලස්සනම කාර්තුව එනකම්.එදාට ඔයාට දැනෙයි ඔයා ආයෙත් ජීවත් වෙනවා කියල.ඉතින් හැමදේම බාරදෙන්න කාලයට.ඉවසන්න ඔයාගෙ ලස්සනම දවස් වෙනුවෙන්.මොකද පුංචි ලමයෝ ඔයා දිනන්නම ඕනි කෙනෙක්.......

ඔයාට බෑ අතීතය වෙනස් කරන්න.හැබැයි ඔයාට  පුලුවන් ඔයාගෙ දෛවය අලුතින් ලියන්න හරි ලස්සනට.ඔයා කැමතිම විදියට .....

ඉතින් ඇයි පරක්කු ඔයාගෙ පොතේ තව අලුත් පිටුවකට ඉඩදෙන්න ලමයෝ .ඔයාගෙ කතාව ආයෙත් මුල ඉදන් පටන් ගන්න.ඔයාට තේරෙයි වසන්තය ඔයා ලගමයි කියල.....❤️😘

Voice - Wasana Edhirisingha
Writer - Wasana Edhirisingha
Composer - Tilantha hansanath

මෙහි සම්පුර්ණ අයිතිය Lion FM සතු වන අතර උපුටාගැනීම් සපුරා තහනම්
All rights reserved to Lion FM and copying is strictly prohibited

ඔබත් කෙටි කතා ලියන කෙනෙක් ඔයාගේ කෙටිකතාව දැම්ම අපට එවන්න +94789702281 හි WhatsApp හරහා අපව සම්බන්ධ කර ගන්න හෝ වැඩි විස්තර දැනගැනීම සඳහා lionfmmail@gmail.com වෙත විද්‍යුත් තැපැල් කරන්න. 

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.