ඒකත් හරි ලස්සන වැහි දවසක්. මට තිබුණා නිල් පාට මල් කුඩයක්.ඒක මතකයන් එක්ක ගුලිවුණු ලස්සන කුඩයක්.අවසරයක් නැතිවම ඇවිදින් අවසරක් නැතිවම පිට වෙලා ගිය එක්තරා මතකයක පුංචි සිහිවටනයක්. එදා වාගෙම අදත් මන් ළඟ එක හරි පරිස්සම්.
වෙනදාටත් වඩා වේගෙන් කඩ් මුඩියේ දීව්වේ වැස්ස වෙනදටත් වඩා ටිකක් තද නිසයි.හයියෙන් වහිද්දිත් එක හරි ලස්සනයි. මොර සූරන මහ වැස්සෙත් මට හිතුනෙ එහෙමයි .එත් මන් ඉක්මනින් ඉක්මනින් අඩිය තිබ්බා.දැනටමත් මන් හොදටම තෙමිල.තෙත බරිත වෙච්ච සාරි පොට එහෙට මෙහෙට පැද්දෙනකොට මට හරි කරදරයි.
නොතෙමී ඉන්න තරම් මගෙ කුඩේ ප්‍රමාණවත් නැද්ද........?
ඒමත් නැත්තම් සුලං ගොඩක් තදයිද......?
මන් දන්නෙ නෑ. මන් දන්නෙ දැනටමත් මං හොදටම තෙමිලා කියල විතරයි .
වැස්සට අහු වුණු හැමෝම වීදි අයිනට වෙන්න රොක් වෙලා.තෙමී නෙතෙමී හරි අමරුවෙන් එයාල වැස්සෙන් පරිස්සම් වෙනවා.සමහරවිට එයාලට මට වගේ ලස්සන කුඩයක් නැතුව ඇති.මන් ඔවුන් දෙස නොබලාම ගියත් යාන්තමින් දැකපු හරි ලස්සන රූපයක් ලග නැවතුණා.මන් නෙවේ මගෙ හිත.ඔව් ඒ එයාමයි.ඔව් එයා තමා මගෙ ලස්සන කුඩේ පලවෙනි අයිතිකාරයා.
පොද ගැහිච්ච කොණ්ඩෙ එහෙ මෙහෙ විසිරිලා.එයත් මන් වගේම හොදටම තෙමිලා.මග හරින්න බැරි හින්දම අඩියට දෙකට මන් ගියා එයා ලගට.හරියටම මේ වගේම වැස්ස දවසක මේ කුඩේ යටම අපි තනිවුණා.හැබැයි එදා මීට වැඩිය ලස්සනයි .මොකද එදා මෙච්චර අහස කලු කරේ නෑ.ඒක හරි ලස්සන දවසක් .සමහරවිට එයාටත් වැස්ස දැක්කම මගෙ කුඩේ මතක් වෙනව ඇති.නැහැ ඇත්තටම මේක එයාගෙ කුඩේ.
\"ඔයාට කුඩයක් නැද්ද \"
\" කුඩයක් තිබ්බනම් මන් මොකටද මේ වැස්සෙ මෙතන ඉන්නෙ \"
ඒකත් ඇත්ත .මන් එදා වාගෙම අදත් බොලදයි.සමහරවිට එයාටත් එහෙම හිතෙන්න ඇති.
\"ඔයා කැමතිනම් මන් එක්ක යන්න පුලුවන් .ඔයා දුන්නු මගෙ කුඩේ තවම ඉඩ තියේ ඔයාට \"
\" මන් ගියොත් ඔයා තෙමෙයි තවත් \"
\" කමක් නෑ ඔයා එන්න.වැස්ස අඩු නොකලොත් ඔයාට යන්න බැරි වෙයි \"
ආයෙමත් දවසක අපි එක කුඩේ යට.ඒත් මොකද්දො අමුත්තක්.මට වගේම ඒක එයාටත් දැනෙනවා ඇති.වෙනදා වගේ මගෙ කරට අත දාන්න එයාට දැන් තහනම් ඇති.ගිරවියක් වගේ කියෝන මගෙ කතා අහන්න දැන් එයා කැමති නැතුව ඇති.වෙනදා වගේ මට ලං වෙලා යන්න එයාට දැන් බැරුව ඇති.ඒ නිසා වෙන්න ඇති එදාට වැඩිය අපි අද තෙමුනෙ.
ඒකනේ මන් කීවෙ අද එදා තරම් ලස්සන නෑ කියල......
\" ස්තුතියි ...ඔයා නාවනම් මන් තාම මහ වැස්සෙ අතරමං වෙලා \"
මන් කොහොමද එයාට කියන්නෙ නොකීවට මන් ඉන්නෙත් අතරමං වෙලා කියලා.එයාගෙ හරි ලස්සන මතක එක්ක.මතක එක්කම මන් තනි වෙලා.පාරක් හොයාගන්න බැරි තරම්ම මන් අසරණ වෙලා.ඒ ඇස් අදත් ඒ වගේමයි .හරියට අවුරුදු ගානකට කලින් මට කතා කරා වගේම.තාමත් ඒ ඇස් මගෙ ඉස්සරහ දිලිසෙනවා..
\"මම යන්නම් .....\"
\" ඔයාට ඕනිනම් මේ කුඩේ අරන් යන්න \"
\" එපා ඕක ඔයාගෙ \"
\" නැහැ , මේක ඔයා මට දීපු මගෙ කුඩේ \"
\" ඔයා තාමත් බොලදයි \"
එයාට ඒක අදත් තේරිලා.ඒත් එයාට තේරුනේ නෑ මන් තාමත් වෙනස් වෙලා නෑ කියල.මන් තාමත් ඉස්සර වගේමයි කියල.
\" පරිස්සමට යන්න. අයේ එනකොට කුඩයක් අරන් එන්න \"
\" හ්ම්ම්ම්....\"
එච්චරයි .....
එයාට මට පරිස්සමට යන්න කියන්න අමතක වෙන්න ඇති. නැත්තම් එයා හිතලම නොකියන්න ඇති.ඒත් එයා නොපෙනෙනකම්ම මන් බලන් හිටියා. එයා ඈතට යනකම්ම.එයා ආපහු හැරුනනම් මට එයාට අත වනන්න තිබුනා.
ඒත් එයා හැරුනෙ නෑ......
ඒත් එක දෙයක් තාමත් එදා වගේමයි. එදා වගේම එයා අදත් හරි ලස්සනයි .නෑ... , එදාටත් වැඩිය එයා අද හරි ලස්සනයි . එදා වගේම අදත් මට හිතුනෙ එකම දෙයයි.
ඇත්තටම......
එයා හරි ලස්සන පිරිමි ළමයෙක් කියල විතරමයි.......💔💔🥰
Writer - Wasana Edhirisingha