තෙරක් නොපෙනෙන මහ සාගරය දෙස බලා සිටි නදුනි සියුම් සුසුමක් මුදාලන්නට විය.වේදනාකාරී මිහිරි මතකයන් සමග නික්මීමට නොහැකිව ඈ තවත් මොහොතක් වාරු නැති කදක් මෙන් සිටි අසුන මතටම වැටුණි.
මතක මිනිස්සු මරනවා.ඔව් නොමරා මරනවා.ඇසිල්ලකින් ඇය නැවතත් අතරමං වූයේ වසරකට එහා එක් සෑදෑවකය.....
නමින් දිනේෂ් නම් වූ ඔහු ඇගේ ප්‍රේමාන්විත සහකරු වීමට තිබුනේ මසකටත් අඩු කාලයක් පමණි.
සිව් වසරක් පුරා රැදි ප්‍රේමයේ මංගල දිනය ඔවුන් ඉදිරියේ හරි අපූරුවට සිත්තම් විය.ඇය පමණක්ම නොව ඔහුත් නොඉවසිලිවන්තය.
"අපි යන ගමන් බීච් එකට ගිහින් යමුද? ගොඩක් කාලෙකින් ඔයා එක්ක නිදහසේ කතා කරන්නත් බැරි උනා"
"වැඩනෙ ලමයෝ.කොහෙන්ද වෙලාවක්.හරි අද අපි යමු"
"මට ඕනෙ චුට්ටක් වෙලා නිදහසේ කතා කරන්න ඔයත් එක්ක"
ඔහුගේ ඉල්ලීමට ඇය අවනතය.ඔවුන් ගියේ වෙරල තීරය දෙසට යාමටය.
ගත වූ නිමේෂයෙන් සිදු වූ දේ අදටත් සිහිනයකි.
විරුද්ධ දෙසින් ආ බස් රථය ඔවුන්ගේ රිය හරහා ගැටෙන්නට විය.පියවි සිහියට එන විට ඈ සිටියේ රෝහල් ඇදක් මතය .
"අම්මා කෝ දිනේෂ් "
"එයාට කරදරයක් නෑ පුතේ ඔයා සනීප වෙන්නකො."
"කරදරයක් නැත්තම් ඇයි මාව බලන්න නාවේ"
"සනීප වෙන්නකෝ පුතේ"
ඇය පියවි සිහිය ලැබුවේ දින දෙකකටත් පසුවය.සතියකට පසු ඇයට නැවතත් නිවසට යාමට හැකි විය.නමුත් තවමත් ඔහු ආවේ නැත.අනතුරින් ඔහු සදහටම දෙනෙත් පියාගත් බව ඈ දැනගත්තේ නිවසට යාමෙන් අනතුරුවය.
බොද වූ දෙනෙත් පිස දැමූ ඈ නැවතත් මහ සයුර දෙස බලා සුසුමක් පිට කලාය.
"මන් දන් නෑ ඔයාට මට කියන්න තිබුනෙ මොනවද කියල.හැබැයි මට තිබුනා ආයෙ හම්බුනාම ඔයාට කියන්න කියල හිතේ හිර කරගත්තු ගොඩක් දේවල්"
සියුම් ඉකිබිදුමක් අතරින් ඇය තනිවම මුමුනන්නට විය.
" එදා වගේම අදත් මන් ඔයාට හරි ආදරෙයී ලමයෝ"
ඊලග මොහොත තීරණය කීරිමට ඔබට මට හැකියාවක් නැත.ඉතින් හැකි හැම මොහොතකම ආදරණීය වන්න.එය ඔබ නැතත් ඔවුන්ව ජීවත් කරයි හැමදාටම
Writer - Wasana Edhirisingha