-

වැස්ස කෙටිකතාව - Wassa Short Story


නෙල් වීදුරුව දීගෙ පහලට ඇදුනු වතුර බින්දුව මොහොතකට පියවි සිහියෙන් මා මුදාලන්නට විය.කසු කුසු කතා මැද්දෙන් එහෙ මෙහෙ විපරම් කරමින් බලන්නට වූයේ ඉන්න තැනක් පිලිබද හරි හැටි හාවක් හූවක් නැති නිසාවෙනි.නුපුරුදු ගමනක් නොවුවත් අඩ නින්දෙන් අවදි වූ නිසාවෙන් පියවි සිහියට එලබෙන්න යම්තරමක් වෙලාවක් නොදැනීම ගත විය.මහන්සියටම නොවේ හිත තුල පිරී ඉතිරී පිටාර ගලන්නට තරම් වු වේදනාව මුසු  රිදවීමට ගතත් සිතත් වෙහෙසට පත් වී තිබූ නියාවෙනි.

        "කවුද මට රිද්දුවේ"
මොහොතකට පසු මා මගෙන්ම විමසීමී.

ඇත්තෙන්ම කවුරුත් රිදවූයේ නැත.ලද බොලද සිතිවිලි මධ්‍යයේ මා විසිනමයි වේදනාබර අවසානයකට මාවම රැගෙන ආවේ....

මොහොතක ඇසිල්ලකින් සිත නතර වුයේ තවමත් මතකයේ රිදුම් දෙන ඒ කාන්තිමත් දෑස් පාමුලය.

ආදරය පිලිබද හරි හැටි අවබෝධයක්වත් නොතිබුනු මා ඔහු කෙරේ සිත තුල තිබු ඒ අමුතු හැගීම ආලය යැයි සිතිමි.හිමි වුවත් නැතත් මතකයෙන් බැහැර කරන්න බැරි හිතක් මත්තෙ නැහෙන්නට තරම් ආදරය දරුනුය.වේදනාබරය.

           ****

"හලෝ.ඔයා කලින් ඉදන්මද මේ ක්ලාස් එකට එන්නෙ"

අහම්බෙන් නෙත් අතර නතර වුනු ඒ දෑස් දුටු පලමු දවස අදටත් මතකය.

දුප්පත් පවුලක අහිංසක නපුරෙක්.ඔව් මන් දැක්කෙ එයාව එහෙම.නපුරු ඇස්.අහිංසක හදවතක්.

  "ඔව්.ඇයි?"

"නෝට් ටික ඉල්ලගන්න.පුලුවන්නම් විතරක් "
"ගන්න.හැබැයි ආයේ ගෙනත් දෙනවනම් විතරක් "

"තැන්කූ .බය වෙන්න එපා මන් මේවා ගිලින් නෑ.ඊලග සතියෙ දෙන්නම්."

"හරී"

"තැන්කූ.මන් සචිත්‍ර"

"මන් නිම්මි"

ඇත්තටම ඒක ලස්සන යාලුකමක්.අවුරුදු ගානක හිතවත්කමක්.නොහිතපු තරම් දුරට ඇදුනු බැදීමක්.ආදරෙන් කෙලවර උනු ආදර කතාවක්.අයිතියක් නැති බව දැන දැනම ලග නැවතුනු නවාතැනක්.

"එන ඕනම ප්‍රශ්නෙකට මූන දෙමු කිවුවට ලස්සන ටීචර් කෙනෙක්ව එක්ස්සෑම් ෆේල්  ජොබ් එකක් නැති මට දෙන්න කැමති වේයිද?" 

හැමදාම උත්තර නැති ඒ ප්‍රශ්නය ලග අදටත් මන් අසරණය.වත් පොහොසත්කම් ,කුල මල බේද අස්සේ රුවට රුව ගලපන එකදු බැදීමක හෝ හිතට හිත ගැලපුනාද යන්න තවමත් මන් සමාජයෙන් විමසමි.

හැල හැප්පීම්,දොස් දෙවුල් මධ්‍යයේ ගෙවුනත් අවසන ඔහුට මාත් මට ඔහුත් මග හැරුනේ හැදූ වැඩූ දෙමාපියන් ඉදිරියේ තනි තීරණයක් ගෙන කටයුතු කීරමට සැබැවින්ම මා අපොහොසත් වූ බැවිනි..

කිසිවෙකුට වරද පටවන්නේ නැත.අදටත් වරද මා අතය.නොලැබෙන බව දැන දැනම ඒ හිතට ලං වුනේ මමය.නොකල වරදකට ඔහුව ගිනි ජාලාවකට ඇද දැමුයේ මමය.එදත් අදත් හෙටත් වරදකරු මා පමණි.
       
      මා ඔබ මුලා කරායැයි ඇතිවන වරදකාරී  හැගීමෙන් පලා යාමට නොහැකිව මා අසරණ වී සිටිමි.එවැනි හැගීමක් මා පිලිබදව ඔබ තුල ඇති වූවාටද කම් නැත.මන්ද වරදකරු මා බව මා විසින්ම නිශ්චය කොට අවසන්ය.

        -----------------------------------------
බසයේ නාලා හඩි තිගැස්සී වටපිට බලන්නට විය.නැවතුම ආසන්නයට ඇවිත්.සීනුව නාද කර බසයෙන් බැසගත් මා සෙමෙන් සෙමෙන් මඩ වී තිබූ ගුරු පාර දිගේ හෙමින් පියමන් කරන්නට විය.වෙනදා මෙන්ම අදත් මා එනතුරු මග බලන දෑස් අදත් එලෙසින්ම ඇත.
  
"ඇයි පුතේ පරක්කු"

"වැඩ ගොඩක් තිබුනා අම්මා කරගන්න"

නිවසම කල එලි වී ඇත.සියල්ලෝම කලබලයෙන් මෙන් එහෙ මෙහෙ දුවති.සියල්ලෝම සතුටින් .නමුත් මා පමණක් කනස්සල්ලෙන්
හිතේ රැදුනු වේදනාව මැඩගෙන කාමර පැමිණ  දෙලොවක් අතර එහෙ මෙහෙ සැරි සරන්නට වුයෙමි.

කසදෙට හැමෝම ලැස්තියි.
කසාදෙ??
කාගෙ කසාදෙද??
ඔව්ව් ඒ මගෙ කසාදෙ .නමුත් හිත නතර වුනු  මා ආදරය කල ඔහු සමග නොව.අම්මල අංගසම්පූර්ණ යැයි සිතන තවකෙකු සමගයි.ඔව්,ඒ මන් සදහටම ඔහුගෙන් වෙන්වන දවසයි.අවසන් වරට ඒ අහිංසක නපුරාට කතා කරන්න උවමනා බැවින් මා එක් ඇමතුමක් ගත්තෙමි.නමුත්  වෙනදා මෙන් නොව අද ඔහුත් මාත් ගොලුය.වේදනාව පමණක් වචන සමගින් ගලා යන්නට විය.අදටත් ඒ තුල ඇත්තේ ඔහුගේ ගැඹුරු ආදරයම පමණි.

"මාව අමතක කරන්න පුලුවන්ද?"

"මට ඕනි උනා ඔයාව අමතක කරන්න.ඒත් මන් තනි වුනු හැම වේලේම මට ඔයාව මතක් වුනා" 


ඉතින් හිත්වත ඔබ මා තුලත්,මා ඔබ තුලත් ජිවත් වූ ඒ ප්‍රේමනීය වසත් සමයට සමු දී ඔබෙන් නික්මීමට අවසර .....................💔

Voice - Sellakkaraya & Wasana Edhirisingha
Writer - Wasana Edhirisingha
Composer - Tilantha hansanath

මෙහි සම්පුර්ණ අයිතිය Lion FM සතු වන අතර උපුටාගැනීම් සපුරා තහනම් 
All rights reserved to Lion FM and copying is strictly prohibited

ඔබත් කෙටි කතා ලියන කෙනෙක් ඔයාගේ කෙටිකතාව දැම්ම අපට එවන්න +94789702281 හි WhatsApp හරහා අපව සම්බන්ධ කර ගන්න හෝ වැඩි විස්තර දැනගැනීම සඳහා lionfmmail@gmail.com වෙත විද්‍යුත් තැපැල් කරන්න. 

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.